
සර්වපාක්ෂික යෝජනා, අනිද්දා සියලු පක්ෂ හමුවට – ජනපති
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමග දින ගණනාවක් පුරා සිදු කළ සාකච්ඡාවල දී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා ලබන සඳුදා දිනයේ ඊට සහභාගී වූ සියලු පක්ෂවලට පොදුවේ ලබාදෙන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ 11 නායකයින් සහ 43වන සේනාංකය සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවලදීයි ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය සමග 43වන සේනාංකය සුබවාදීව කටයුතු කරන අතර රාජ්‍ය ආයතන සඳහා ප‍්‍රධානීන් පත් කිරීමේ දී දේශපාලන පක්ෂ ක‍්‍රමය අමතක කර වෘත්තිකයන් පත්කිරීමේ අවශ්‍යතාව දැඩිව පවතින බවයි ඊට එක්වූ 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා කියා සිටියේ.
දේශපාලන ප‍්‍රතිසංස්කරණවලින් පමණක් රටක් ගොඩනැඟිය නොහැකි බව පෙන්වා දුන් චම්පික රණවක මහතා වෘත්තීය නිපුණතාවය සහිත පුද්ගලයන්ගේ දායකත්වය ඊට ප‍්‍රධාන සාධකයක් කරගත යුතු බව ද කියා සිටියා.
අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවල දී අනාගත ලෝකය දෙස බලා විෂය නිර්දේශ සැකසිය යුතු බව ඔහු මෙහි දී සඳහන් කර තිබෙනවා.
රට ගොඩනඟන පොදු වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් පියවරෙන් පියවර ඉදිරියට යා හැකි බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කලේ.
සියලු දේශපාලන පක්ෂවල අනන්‍යතාවය සර්ව පාක්ෂික ආණ්ඩුකරණ සාකච්ඡාවේදී ආරක්ෂා විය යුතු බව පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා, වැඩිදුරටත් සඳහන් කලේ පදනම් ලේඛනයක් සහිතව සාකච්ඡා පවත්වා ගැනීමෙන් සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ අපේක්ෂා සාර්ථක කරගත හැකි බවයි.