සරණ ගුණවර්ධනට අදාළව අධිචෝදනා

සරණ ගුණවර්ධනට අදාළව අධිචෝදනා

ජාතික ලොතරැයි මණ්ඩලය සතු වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවතින නඩුවට අදාළව අධිචෝදනා පත‍්‍ර භාරදීමෙන් පසු ඔහු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැ`දිගේ මහතා විසින් මෙලෙස සැකකරු මුදා හැරීමට නියෝග කළේ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මතයි.

අනතුරුව නඩුව ලබන 31 වනදා දක්වා කල් තැබුණා.

2007 වසරේ අගෝස්තු මස 01 වනදා සිට 2008 වසරේ ජුලි 31 වන දින දක්වා කාලසීමාව තුළ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එහි වාහන තුනක් අවභාවිත කිරීම තුළින් රුපියල් නව ලක්ෂ 60 දහසක මුදලක් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් ¥ෂණය නැමැති වරද යටතේ අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Share This