සයිනොෆාම් මාත්‍රා මිලියන 2ක් මෙරටට.

සයිනොෆාම් මාත්‍රා මිලියන 2ක් මෙරටට.

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ විස්සක් මෙරටට රැගෙන එනු ලැබුවා.

අද අලුයම ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා දෙකකින් එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපලට රැගෙන ආ බවයි ගුවන් තොටුපල කාර්යභාර නිලධාරිවරයා සඳහන් කළේ.

ඒ අනුව මේ දක්වා මෙරටට ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලක්ෂ 91 ක්.

මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් මෙම සතිය තුළදී මෙරටට ලැබීමට නියමිත බව කොළඹ මහනගර සභාව ප්‍රකාශ කළා.

Share This