
සමෘද්ධි සහ වැඩිහිටි දීමනා ජුනි මස සිට බැංකු ගිණුමට
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාවට නංවන ලද අස්වැසුම සමාජ සුභසාධක ප‍්‍රතිලාභ ගෙවීම මෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබාදෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප‍්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව සුභසාධක ප‍්‍රතිලාභ මණ්ඩලය ප‍්‍රකාශ කළා.
සුභසාධක ප‍්‍රතිලාභීන් සිය දීමනා ලබාගැනීමට යෑමේදී මුහුණ දෙන දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
බැංකු ගිණුම් නොමැති ප‍්‍රතිලාභීන්ටද නව බැංගු ගිණුම් විවෘත කිරීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සුභසාධක ප‍්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න මහතා ප‍්‍රකාශ කළා.