සමාජ විරෝධී කි‍්‍රයා දැනුම් දෙන්නැයි පොලිස් මූලස්ථානයෙන් ඉල්ලීමක්

සමාජ විරෝධී කි‍්‍රයා දැනුම් දෙන්නැයි පොලිස් මූලස්ථානයෙන් ඉල්ලීමක්

අර්බුදකාරී තත්ත්වය හමුවේ දේපළ කොල්ලකන පුද්ගලයන් සම්බන්ධයෙන් දැනුම්දෙන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එවැනි තොරතුරු 119 සහ 1997 ක්ෂණික ඇමතුම් අංක ඔස්සේ දන්වන ලෙසයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය නිවේදනය කලේ.

කලහකාරී පිරිසක් විසින් පසුගිය 9 වනදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර උද්ඝෝෂණ වලට පහර දීමත් සමඟ ප‍්‍රචන්ඩක‍්‍රියා වර්ධනය වූ බවයි පොලීසිය පෙන්වා දෙන්නේ.

නොසන්සුන්තා හමුවේ ජීවිත කිහිපයක් ද අහිමි වුණා.

ඇතැම් පිරිස් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන කොල්ල කා දේපල රැගෙන යන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වූ අතර එවැනි පාර්ශව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කලේ.

Share This