
සබරගමුව විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා යළි විවෘත කෙරේ
දින නියමයක් නොමැතිව වසා දැමුණු සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද සිට යළි ආරම්භ කර තිබෙනවා.
විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමුණේ කළමනාකරණ පිඨයේ පළමු වසරේ සිසුන් පිරිසක් හා එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන තවත් සිසුන් පිරිසක් අතර පසුගිය මස 16 වැනිදා ඇති වු ගැටුමක් හේතුවෙන්.
කෙසේ වෙතත් ව්‍යවහාරික විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ට පමණක් අද සිට අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බව සඳහන්.
අනෙකුත් පීඨවල අධ්‍යයන කටයුතු ආරම්භ කරන දින ඉදිරියේ දී දැනුම දෙන බවයි සබරගමුව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සඳහන් කළේ.