සතොසින් තිරිගු පිටි, සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 07ක මිල පහළට

සතොසින් තිරිගු පිටි, සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 07ක මිල පහළට

සතොස ආයතනය විසින් යළිත් වරක් භාණ්ඩ 7 ක මිල පහත දමා තිබෙනවා.

ඒ අනුව, කිලෝග‍්‍රෑමයක් රුපියල් 1575 ක්ව පැවති වියළි මිරිස් කිලෝග‍්‍රෑමයක් රුපියල් 75කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1500ක් ලෙසයි.

තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 15කින් අඩු කර ඇති අතර එහි මිල රුපියල් 230ක් වනවා.

එසේම පරිප්පු කිලෝවක් රුපියල් 19කින් අඩු කරමින් නව මිල රුපියල් 339ක් ලෙස දක්වා තිබෙනවා.

සුදු සීනි කිලෝවක් රුපියල් 11කින් අඩු කර ඇති අතර එහි නව මිල 218ක් ලෙස සටහන් වුණා.

දේශීය රතු කැකුළු කිලෝවක මිල රුපියල් 9 කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 155ක්.

මීට අමතරව දේශීය නාඩු කිලෝවක් රුපියල් 7කින් අඩු කිරීමත් සමග එම සහල් කිලෝවක් රුපියල් 188කට අලෙවි වන අතර සහ ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 6කින් අඩු කර තිබෙනවා.

එහි නව මිල වන්නේ කිලෝග‍්‍රෑමයක් රුපියල් 129ක් ලෙසයි.

මෙම නව මිල ගණන් අද දිනයේ සිට ක්‍රියාත්මක බවයි ලංකා සතොස ආයතනය නිවේදනය කළේ.

Share This