සජිත්ට එරෙහි ඩයනාගේ පෙත්සමට ලැබුණු නියෝගය

සජිත්ට එරෙහි ඩයනාගේ පෙත්සමට ලැබුණු නියෝගය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් සමගි ජන බලවේගය පක්ෂයේ තනතුරු දැරීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ දිසා අධිකරණය වගඋත්තරකරුවන්ට කල් ලබා දුන්නා.

පෙත්සම්කාරිය පෙන්වා දෙන්නේ විපක්ෂ නායකවරයා සමගි ජනබලවේගයේ සභාපතිවරයා මෙන්ම රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කිරීමට නීත්‍යානුකූල බලයක් නොමැති බවයි.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී එහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු සිය විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඩුල්ල ඒ කල් ලබාදීමේ නියෝග නිකුත් කළා.

Share This