සංචරණ සීමා ඉවත් කිරීම ගැන තීරණය 19 හෝ 20 වනදා

සංචරණ සීමා ඉවත් කිරීම ගැන තීරණය 19 හෝ 20 වනදා

එලඹෙන 21 වන දින සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් 19 හෝ 20 වන දින අවසන් තීරණයක් ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.
හෙතෙම මේ බව කියා සිටියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.
ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ මේ වන විටත් අධ්‍යනය කරමින් සිටින බව ද හෙතෙම කියා සිටියා.
සංචරණ සීමා පැනවීමෙන් අනතුරුව ගත වූ කාල සීමාව තුළ දී කොරෝනා ආසාදිතයින්ගේ යම් අඩු වීමක් පවතින බවයි සෞඛ්‍ය අංශ මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ.

Share This