සංගීතය තහනම් ඇෆ්ගනිස්ථානය.

සංගීතය තහනම් ඇෆ්ගනිස්ථානය.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය තුළ සංගීතය තහනම් කිරීමත් සමඟ එරට ගායකයින් පිරිසක් පාකිස්ථානයට පලාගොස් තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ පාලන බලය තලේබාන් සංවිධානය යටතට පත් වීමත් සමඟයි මෙම තහනම පනවනු ලැබුවේ.

තලෙයිබාන් සංවිධානයේ රෙගුලාසි වලට අනූව සංගීතය තහනම්.

තමන්ට මරණ දණ්ඩනය හිමි වනු ඇති බවට බිය වීම හේතුවෙන් නීති විරෝධී ව පාකිස්ථානයට පලාගොස් සැඟ වී සිටින බවයි එක් ගායකයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය අගෝස්තු මාසයේදී උතුරු බැග්ලාන් පළාතේ ජන ගීත ගායකයෙකුට ඔවුන් මරණ දඬුවම ලබාදුන් බවට අදාළ ගායන ශිල්පීන් චෝදනා කරනවා.

ඝාතනයට ලක්වූ ගායකයාගේ පුත්‍රයා චෝදනා කළේ තලෙයිබාන් සංවිධානය තම පියාව සිය ගොවිපල තුළදී වෙඩි තබා මරා දැමූ බවයි.

කෙසේ වෙතත් මෙම චෝදනාවට තලේබාන් සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

Share This