සංක‍්‍රමණය වීමට උත්සහ කළ තවත් 35 ක් බටහිර මුහුදේදී නාවික හමුදා භාරයට

සංක‍්‍රමණය වීමට උත්සහ කළ තවත් 35 ක් බටහිර මුහුදේදී නාවික හමුදා භාරයට

මුහුදු මාර්ග ඔස්සේ ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 35 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු ඇතුළුව පිරිමි පුද්ගලයන් 25ක්, කාත්තාවන් 04 ක් හා ළමුන් 06 දෙනෙකු එම පිරිසට අයත්.

පිරිස රැගත් බහුදින ධීවර යාත‍්‍රාව හමුව ඇත්තේ පානදුර ප‍්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී.

සැකකරුවන් ත‍්‍රීකුණාමලය, මන්නාරම, මඩකලපුව, මීගමුව, කල්පිටිය සහ නුවරඑළිය යන ප‍්‍රදේශයන්හී පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

එම පිරිස නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිසිය වෙත භාර දී තිබෙනවා.

Share This