ෂාෆිගේ පෙත්සම මැයි 16 වැනිදා යළි කැඳවයි.

ෂාෆිගේ පෙත්සම මැයි 16 වැනිදා යළි කැඳවයි.

පොලීසිය විසින් තමා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීතිවිරෝධී බවට තීන්දු කරන මෙන් ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඞීන් මහතා විසින් ගොනුකළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මැයි 16 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

ඒ අදාළ පෙත්සම අද ප‍්‍රියන්ත ජයවර්ධන, එස්.තුරෙයි රාජා සහ කුමුදුනී වික‍්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

වද සැත්කම් සිදුකිරීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ෂාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය විසින් ප‍්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් තමන්ව අත්අඩංගුවට ගැනීමේ දී කිසිදු සාධාරණ හේතුවක් පොලීසිය විසින් ප‍්‍රකාශ නොකළ බව පෙන්වා දෙන පෙත්සම්කාර වෛද්‍යවරයා අසත්‍ය සහ පදනම් විරහිත කරුණු මත තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වු බවට තීන්දුවක් ලබාදෙන ලෙසටයි සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

Share This