
ශ‍්‍රී ලංකා සහ නවසීලන්තය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය හෙට
සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලිය ඔක්ලන්ඩ් හි ඊඞ්න් පාර්ක් ක‍්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් හෙට පෙරවරු 6 යි 30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ශ‍්‍රී ලංකා එක්දින නායක දසුන් ශානක සදහන් කළේ තරගාවලිය සඳහා හොඳ සූදානමකින් පසුවන බවයි.
මෙවර ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ගැනීමට නම් ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම එක්දින තරග 3ම ජය ගත යුතු වනවා.
මේ අතර ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියට ක‍්‍රීඩා කිරීමට නියමිතව ඇති බැවින් ප‍්‍රබල ක‍්‍රීඩකයින් රැසක් මෙම තරගාවලියේ දී නවසීලන්ත සංචිතයට ඇතුළත් වී නොමැති බවද වාර්තා වනවා.
ඒ අනුව පළමු තරගයේ දී නවසීලන්තය වෙනුවෙන් 30 හැවිරිදි දකුණත් පිතිකරු චැඞ් බවුස්ට හා 23 හැවිරිදි තුන් ඉරියව් ක‍්‍රීඩක රචින් රවින්ද්‍රට එක්දින ජාත්‍යන්තර තරග වරම් හිමි වන බවයි මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නවසීලන්ත කණ්ඩායමේ නායක ටොම් ලේතම් සදහන් කළේ.