ශ‍්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය අවසන්

ශ‍්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය අවසන්

නවසීලන්තය හා ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරමින් සිටි ශ‍්‍රී ලංකාව කඩුලූ 3 ක් දැවී ලබාලකුණු සංඛ්‍යාව 83 ක් රැස් කළා.

ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 20 ක් හා ප‍්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණු 2 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලූ තුනම බිද හෙලූවේ බ්ලායර් ටික්නර් විසින්.

මේ වන විට ශ‍්‍රී ලංකාව දෙවැනි ඉනිමේ දී ලකුණු 65 ක් ඉදිරියෙන් පසුවනවා.

නවසිලන්තය පළමු ඉනිම සදහා ලකුණු 373 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යව 355 ක්.

Share This