
ශුද්ධෝත්තම පාප් වහන්සේ රෝහල් ගත කරයි
ශ්වසන ආබාධයක් හට ගැනීම හේතුවෙන් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කර ඇති බව වතිකානුව නිවේදනය කළා.
ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 86 හැවිරිදි පාප් වහන්සේට ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් රෝහල් ගත කර ඇති නමුත් උන්වහන්සේට කොවිඩ් ආසාධනය වී නොමැති බව තහවුරු වූ බවයි.
මේ හේතුවෙන් පාප් වහන්සේට දින කිහිපයක් නේවාසිකව රෝහල් ගතව සිටීමට සිදු වනවා.
එසේම පාස්කු කාල සීමාව ආසන්න වීම සහ සති අන්තයේ දේව මෙහෙයන් රැසකට සහභාගිවීමට පාප් වහන්සේ සැලසුම් කර තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.