ශී‍්‍ර ලංකාව ණය නොගෙවීමට එරෙහිව අමෙරිකානු බැංකුවක් නඩු මඟට

ශී‍්‍ර ලංකාව ණය නොගෙවීමට එරෙහිව අමෙරිකානු බැංකුවක් නඩු මඟට

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින ශී‍්‍ර ලංකාව ණය ගෙවීම් පැහැර හැර ඇතැයි සඳහන් කරමින් අමෙරිකානු බැංකුවක් විසින් එරට නිව්යෝක් ෆෙඩරල් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

ලබන ජුලි 25 වැනිදා කල් පිරෙන මෙම ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා මුදල් නොගෙවීමට මහ බැංකුව තීරණය කළ අතර, ඊට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත්තේ මෙම බැඳුම්කරයේ ඩොලර් මිලියන 250කට වඩා වැඩි ප‍්‍රමාණයක් හිමි අමෙරිකාවේ, හැමිල්ටන් රිසර්ව් නමැති බැංකුව විසින්.

ඔවුන් එමඟින් ඉල්ලා සිටින්නේ අදාළ බැඳුම්කරයේ මුළු මුදල පොලිය ද සමඟ ගෙවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

Share This