ශීත කාලගුණය ඇෆ්ගනිස්ථානුවන් 124 කට මරු කැඳවයි

ශීත කාලගුණය ඇෆ්ගනිස්ථානුවන් 124 කට මරු කැඳවයි

ඇෆ්ගනිස්ථානයට බලපා ඇති සීත කාලගුණික තත්ත්වයත් සමග උෂ්ණත්වය අවම හේතුවෙන් පසුගිය දෙසතිය තුළ පමණක් පුද්ගලයින් 124 දෙනෙකු මියගොස් ඇති බව තලෙයිබාන් සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමගින් පෙන්වා දුන්නේ සමස්ථ රටෙන් සියයට 60 ක පමණ ප‍්‍රමාණයක් හිම තට්ටුවලින් වැසී ඇති බවයි.

ඇතැම් ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනතාව අධික හිමපතනය හේතුවෙන් විපතට පත්ව ඇති අතර ඔවුන් මුදවා ගැනීම සදහා සහන කණ්ඩායම් යෙදවීමද දුෂ්කර වී තිබෙනවා.

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ එරට උෂ්ණත්වය යම්තාක් දුරට ඉහළ යනු ඇති බව ඇෆ්ගන් බලධාරීන් ප‍්‍රකාශ කර තිබෙනවා.

Share This