
ශාරුක් ගැන කියන රාජ්කුමාර්
“පතාන්” සිනමාපටය හරහා සාර්ථකත්වයට පත් වුන ශාරුක් ඛාන්ගේ මීළග සිනමාපටය වෙන ‘ඩන්කි’ නිර්මාණ කටයුතු ආරම්භ වෙලා තියනවා.
පහුගිය දවසක ‘ඩන්කි’ චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයා වෙන රාජ්කුමාර් සිය චිත්‍රපටයේ අලුත්ම තත්ත්වය මාධ්‍යය සමග බෙදාගෙන තිබුණා.
“මට ෂාරුක් එක්ක කලින් වැඩ කරන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා ෂාරුක් හරිම විහිළුකාරයෙක්. අපි කට්ටිය ඔහු ඉන්න තැන විනෝදයෙන් කාලය ගෙවනවා”.
මේ විදිහට රාජ්කුමාර් ශාරුක් ඛාන් ගැන පැසසුම් සහගත විදිහට කතා කරලා තියනවා.
“පතාන්” එක්ක අති සාර්ථක වුන ශාරුක් ‘ඩන්කි’ එක්කත් සාර්ථක වෙයි කියලා තමයි නිශ්පාදන කණ්ඩායමේ එකම බලාපොරොත්තුව.