ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර.

ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමිව තිබෙනවා.

ඒ අනුව තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍ර srilankacricket.lk වෙබ් අඩවිය මගින් අලෙවි කිරීමටයි මේ වන විට කටයුතු යොදා ඇත්තේ.

හෙට දිනයේ සිට මහනුවර බලගොල්ල අභීත ක්‍රීඩාංගනයෙන් හා මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

තරග පැවැත්වෙන දිනවලදී පමණක් පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා වන කාලයේ දී මහනුවර බලගොල්ල අභීත ක්‍රීඩාංගනයෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

රුපියල් තුන් සියය, දහස හා තුන් දහස යන මිල ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

තරග නැරඹීම සදහා අවස්ථාව හිමිවන්නේ පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් සියයට 50 ක පිරිසකට පමණයි.

කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ට පමණක් තරග නැරඹීමට අවස්ථාව හිමිවනු ඇති.

ක්‍රීඩාංගනයට පිවිසීමට පෙර ප්‍රේක්ෂකයින් විසින් එය තහවුරු කළ යුතු වනවා.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය එළඹෙන 16, 18 හා 21 යන දිනයන්හීදී දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතයි.

Share This