ශ්‍රී ලංකා යොවුන් පිල බංග්ලාදේශය පරදයි

ශ්‍රී ලංකා යොවුන් පිල බංග්ලාදේශය පරදයි

අබුඩාබි හීදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම කඩුලූ 5 කින් පරාජය කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහල කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 8 කට ලකුණු 229 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක‍්‍රිඩා කල ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 3 ක දී ජයග‍්‍රාහී සීමාව පසු කිරීමට සමත් වූයේ කඩුලූ 5 ක් පමණක් දැවී තිබිය දීයි.

Share This