ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන කාන්තා එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමයි

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන කාන්තා එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමයි

සංචාරක බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් අද පෙරවරුවේ සිට කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් එකඳු පන්දු වාරයක් හෝ ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

ක්‍රීඩාංගණයේ අඩියක පමණ ජලය රැඳී තිබුණු බව සදහන්.

දෙරට අතර පළමු එක්දින තරගයටද වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

Share This