
ශ්‍රී ලංකා නවසිලන්ත දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
නවසිලන්තයේ වෙලින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.
අද අලූයම ආරම්භවූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි.
අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වෙනුවට යොවුන් ක‍්‍රීඩක නිෂාන් මදුෂ්ක කැඳවා තිබෙනවා.
වර්ෂාව ඇදහැලීමත් සමග අද දිනයට ක්‍රියාත්මක කිරීමට නියමිත පන්දුවාර ප‍්‍රමාණයේ වෙනසක් සිදුවනු ඇති බවයි නවසිලන්තයෙන් ලැබෙන ආරංචිමාර්ග සදහන් කළේ.