ශ්‍රී ලංකා – නවසිලන්ත දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි

ශ්‍රී ලංකා – නවසිලන්ත දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි

පළමු ඉනිම ක්‍රීඩා කරන නවසිලන්ත කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කඩුළු 4 ක් දැවී ලකුණු 533 ක් ලබා සිටියා.

තරගයේ පළමු දිනයේ අයහපත් කාලගුණය හේතුවෙන් තරගය නතර කරන විට නවසිලන්ත කණ්ඩායම කඩුළු 2 ක් දැවී ලකුණු 155 ක් ලබා සිටියා.

වෙලින්ටන්හි පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමට නවසිලන්තයට ආරාධනා කළා.

නවසිලන්ත නායක කේන් විලියම්සන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 23 ක් සමගින් ලකුණු 215 ක් රැස් කර ගනු ලැබුවා.

Share This