ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා අවසන් T20 තරගය අද.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා අවසන් T20 තරගය අද.

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගය අද රාත්‍රී 7 ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පැවැති තරග දෙකම ජය ගනිමින් මේ වන විටත් සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම 2 ට 0 ක් ලෙස තරගාවලි ජය තහවුරුකරගෙන සිටිනවා.

ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ විස්සයි විස්ස තරග 19කින් ජයගෙන ඇත්තේ තරග තුනක් පමණක් වන අතර එයින් තරග දෙකක් දසුන් ශානකගේ නායකත්වය යටතේ ජයගෙන තිබෙනවා.

මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එහි නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව හිමිව ඇත්තේ 10 වැනි ස්ථානයයි.

Share This