
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ
නවසීලන්තය සමඟ පැවති පළමුවන එක්දින තරගයේදී අඩු පන්දු යැවීමේ වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
එල්ලවූ අඩු පන්දු යැවීමේ චෝදනාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක විසින් පිළිගෙන ඇති බව සදහන්.
දෙරට අතර අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දැමුණා.