ශ්‍රී ලංකාව 13 ට එයි

ශ්‍රී ලංකාව 13 ට එයි

ලොව පුරා දෛනිකව සිදුවන කොරෝනා මරණ සැසඳීමේදී ශ්‍රී ලංකාව 13 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

කෝටි 33ක ජනගහනයකින් යුත් අමෙරිකාව එම ලැයිස්තුවට අනුව පසුවන්නේ 12 වැනි ස්ථානයේයි.

මෙරට කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ පසුගිය වසරේ මාර්තු 11 වැනිදා සිට මේ දක්වා වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා වූයේ ගෙවුණු පැය 24 දී.

පළමුවරට දෛනික ආසාදිත සංඛ්‍යාව හාර දහසේ සීමාව ඉක්මවා ගොස් ආසාදිතයින් 4,355 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා.

ඒ සමග වර්ල්ඩෝමීටර් වෙබ් අඩවිය වාර්තා කරන්නේ, දෛනික කොවිඞ් මරණ අතින් ශ්‍රී ලංකාව ලොව 13 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි.

TAGS
Share This