ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පළමු දේශපාලන උපදේශන සැසිය පැවැත්වෙයි

ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පළමු දේශපාලන උපදේශන සැසිය පැවැත්වෙයි

ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පළමු දේශපාලන උපදේශන සැසිය ඊයේ පැවැත්වුණා.

ඒ සඳහා විදේශ අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ බහරේන් විදේශ කටයුතු අමාත්‍යංශයේ උප ලේකම් ආචාර්ය ෂෙයික් අබ්දුල්ලා එක්ව සිටි බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා නව සහයෝගිතා සහිත අංශ ඔස්සේ තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී දෙරටේ නියෝජිත පිරිස සාකච්ඡා කළ බව සඳහන්.

එමෙන්ම වෙළෙඳාම, ආයෝජනය, මිනිස් බලය, අධ්‍යාපනය, සංස්කෘතිය, සංචාරක ව්‍යාපාරය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, නිපුණතා සංවර්ධනය සහ වෘත්තීය පුහුණුව යනාදී අංශ කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමුවුණා.

බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා එරට ලබා දෙන දායකත්වයත්, ඔවුන්ට නොමිලයේ එන්නත් ලබා දීමට මෙන්ම ඔවුන්ගේ සුබසිද්ධිය තහවුරු කිරීම සඳහා ඉටු කරන කැපවීම පිළිබඳ විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා බහරේන් රජයට සිය ස්තුතිය පළ කළා.

Share This