ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය කල් දැමීමේ අවධානමක්.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය කල් දැමීමේ අවධානමක්.

එරට මාධ්‍ය වාර්තා කළේ තරගාවලියේ නිෂ්පාදක සමාගමේ සාමාජිකයින් බහුතරයක් ඉන්දීය ජාතිකයින් වන බැවින් මෙම අවධානම මතුව ඇති බවයි.

තරගාවලියේ නිෂ්පාදක කණ්ඩායම බංග්ලාදේශයට පැමිණීමේ දී දින 14ක නිරෝධායනයකට ලක් විය යුතු වනවා.

ඒ හේතුවෙන් තරගාවලිය ලබන 23 වනදා ආරම්භ කිරීම වෙනුවෙන් කටයුතු සංවිධාන කළ නොහැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබන 16 වනදා එරට බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

අනතුරුව දින තුනක කාලයක් නිරෝධායනයට ලක් වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුහුණුවීම් ආරම්භ කරනු ඇති

Share This