ශ්‍රී ලංකාව රතු කලාපයෙන් කොළ කලාපයට….

ශ්‍රී ලංකාව රතු කලාපයෙන් කොළ කලාපයට….

ශ්‍රී ලංකාව කොරෝනා රතු අවදානම් කලාපයෙන් කොළ කලාපයට පිවිස ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා.

කොරෝනා ව්‍යාප්තිය සැලකිය යුතු ලෙස පාලනයවූ රටවල් ලෝක දත්ත අනුව ඇතුළත් කෙරෙන්නේ කොළ කලාපයටයි.

කෙසේ වෙතත් ජනතාව විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමේ ප්‍රමාණය මත යළිත් රතු කලාපයට ඇතුළු වීමේ අවධානමක් පවතින බවද හෙතෙම කියා සිටියා.

ශ්‍රී ලංකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් 600ත් 700ත් අතර සංඛ්‍යාවක් දක්වා මේ වන විට පහත වැටී තිබෙනවා.

රෝහල්වල ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවද 175ක් දක්වා පහත බැස ඇති බවයි වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේ‍.

එමෙන්ම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවද 50 ට අඩු මට්ටමට පැමිණ තිබෙනවා.

Share This