ශ්‍රී ලංකාව යළි ටෙස්ට් වාර්තා අලුත් කරයි

ශ්‍රී ලංකාව යළි ටෙස්ට් වාර්තා අලුත් කරයි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03 ක් දැවී ලකුණු 267 ලබා ගත්තා.

නොදැවී ක්‍රීඩා කරන නායක දිමුත් කරුණාරත්න ලකුණු 132 ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 56 ක් ලබා ගත් අතර පැතුම් නිශ්ශංක දැවී ගියේ ලකුණු 56 ක් ලබා ගනිමින්.

තරගයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ පැතුම් නිස්සංක හා දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක සබදතාවක් ගෙඩනැගුවා.

ඒ අනුව ටෙස්ට් තරගවල 2018 වසරේ සිට වැඩිම අවස්ථා ගණනකදී ආරම්භක කඩුල්ල සදහා ශතක සබදතාවයන් ගොඩනගා ඇති රට බවට ශ්‍රී ලංකාව පත්වුණා.

ශ්‍රී ලංකාව තරග 31 කදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් පවත්වා ඇති ශතක සබදතා ගණන 7ක්.

මේ අතර අද තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝ අනතුරකට මුහුණ දුන්නා.

ඒ ඔහු ශෝර්ට් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටියදී දිමුත් කරුණාරත්න පන්දුවට පහර දුන් අවස්තාවේ පන්දුව හිස් ආවරණයේ ගැටීම හේතුවෙන්.

අනතුරුව ඔහුව රෝහල් ගත කිරීමටයි පියවර ගැනුණේ.

Share This