ශ්‍රී ලංකාව පරදා නවසීලන්තයට තරගාවලි ජයක්

ශ්‍රී ලංකාව පරදා නවසීලන්තයට තරගාවලි ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති තරග තුනකින් යුත් එක්දින තරගාවලිය 2-0 ලෙස ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුනා.

ඒ අද (31) ශ්‍රී ලංකාවට එරෙහිව පැවති එක්දින ක්‍රිකට් තරගය කඩුළු 6 කින් ජයග්‍රහණය කිරීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 3ක් ඇතුලත සියළු දෙනා දැවී ලකුණු 157ක් ලබා ගත්තා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලැබුන ඉලක්කය ලකුණු 158ක්.

ශ්‍රී ලංක කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක පන්දු 64 කදී ලකුණු 57 ක් සහ චාමික කරුණාරත්න පන්දු 42කදී ලකුණු 24ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 39ට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 32යි පන්දු 5 ක් තුලදී කඩුළු 4ක් දැවී ලකුණු 159ක් ලබා ගෙන තරගය ජයග්‍රහණය කළා.

පන්දුවට පහර දීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් විල් යොන්ග් පන්දු 113කදී ලකුණු 86ක් ලබා ගත් අත‍ර හෙන්රි නිකෝල් පන්දු 52කදී ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේදී මැට් හෙන්රි ලකුණු 14ට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3ක් බිඳ හෙළුවා.

Share This