
ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 81 යි.
ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගයේ සිව් වැනි දිනය අදයි.
පකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුලු 5 ක් දැවී ලකුණු 576 ක් රැස් කිරීමට සමත් වුනා.
ඒ අනුව පාකිස්තානය යලි ශ්‍රී ලංකාවට සිය දෙවන ඉනිම සදහා ඇරයුම් කලේ ලකුණු 410 ක් ඉදිරියෙන් පසුවෙමින්.
පකිස්තානය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කල අබ්දුල්ලා ශාෆික් ලකුණු 201 ක් ලබාගත් අතර ඔහුට අනගි සහයක් ලබාදුන් අගා සල්මන් ලකුණු 132 රැස්කළා.
යලි පාකිස්තානු පිතිකරුවන් පිටියට කැඳවීම සඳහා ලකුණු 410 ක ඉලක්කයක් හබා යන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 81 ලබා සිටිනවා.
ශ්‍රී ලංකා දෙවන ඉනිමේ පළමු කඩුල්ල ලෙස නිශාන් මධුෂ්ක ලකුණු 33 කට පිටියෙන් ඉවත් කිරීමට නෝමන් අලි සමත් වුනා.
දිවා ආහාරය සදහා තරගය නතර කරණ විට දිමුත් කරුණාරත්න – නොදැවී 36 සහ කුසල් මෙන්ඩිස් ලකුණු 11 ලබාගනිමින් පිටියේ රැදී සිටින අතර තරගය කොළඹ ssc ක්‍රීඩාංගනයේදී ක්‍රියාත්මකයි.