
ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් තරගාවලියේ ප‍්‍රවේශපත‍්‍ර අලෙවිය අදින් ඇරඹේ
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා වන ප‍්‍රවේශපත‍්‍ර අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම අදින් ආරම්භ වනවා.
ඒ අනුව ප‍්‍රවේශපත‍්‍ර ලබාගන්නා ප්‍රේක්සකයින් තරග පැවැත්වෙන දිනවලදී ක්‍රීඩාංගනයට ඇතුළුවීම සදහා තම QR කේතය මුද්‍රිත හෝ ඩිජිටල් ආකාරයෙන් රැගෙන ආ යුතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසිමෙන් අද පෙරවරු 9 සිට ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගත හැකියි.
දෙරට අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය ජුලි දෙවනදා ආරම්භ වීමට නියමිතයි.