ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වූ  කාන්තා ‘සුදුසුකම් ලැබීමේ තරගාවලිය’  සිම්බාබ්වේ හිදී

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වූ කාන්තා ‘සුදුසුකම් ලැබීමේ තරගාවලිය’ සිම්බාබ්වේ හිදී

මෙම වසරේ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා සිම්බාබ්වේ හිදී පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

එහිදී කණ්ඩායම් 10 ක් තරග වැදීමට නියමිත අතර ඉන් වැඩිම තරඟ ප්‍රමාණයක් ජයග්‍රහනය කල කණ්ඩායම් 3 කාන්තා ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබනවා.

මෙම තරගාවලියට අයර්ලන්තය, නෙදර්ලන්තය, පාකිස්ථානය, ශ්‍රි ලංකාව, බංගල්ලාදේශය, තායිලන්තය, පැපුවා නිව්ගිනියාව, ඇමරිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සත්කාරක සිම්බාබ්වේ යන කණ්ඩායම් එක් වීමට නියමිතයි.

එය පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුනේ ශ්‍රී ලංකාවේ වුවත් පසුව එය අහිමිව ගියේ පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන්.

තරඟාවලිය සඳ හා මේ වන විටත් රටවල් 5ක් සුදුසුකම් ලබා ඇති අතර එම රටවල් වන්නේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාවයි.

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ මාර්තු 4 වනදා සිට අප්‍රේල් 3 වනදා දක්වා නවසීලන්තයේදී පැවැත්වෙනවා.

TAGS
Share This