ශ්‍රී ලංකාවට ලකුණු 187 ක ජයක්.

ශ්‍රී ලංකාවට ලකුණු 187 ක ජයක්.

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 187 කින් ජය වාර්තා කළා.

ඒ කොදෙව් දෙවන ඉනිම ලකුණු 160 කට සීමා වීම හේතුවෙන්.

කෘමා බෝනර් නොදැවී ලකුණු 68 යි.

ජොශුවා ද සිල්වා ලකුණු 54 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය කඩුළු 5 ක්, රමේෂ් මෙන්ඩිස් කඩුළු 4 ක් සහ ප්‍රවීන් ජයවික්‍රම එක් කඩුල්ලක් බිඳ දැමීමට සමත් වුණා.

කොදෙව්වන් පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 230 ක් පමණයි.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 386 ක් රැස්කළ අතර දෙවන ඉනිම ලකුණු 191 ක් ලබා සිටියදී අත්හිටුවීමට තීරණය කළා.

Share This