ශ්‍රී ලංකාවට තවදුරටත් සහය ලබා ඉන්දියාව අගමැතිවරයා හමුවේ සහතික වෙයි

ශ්‍රී ලංකාවට තවදුරටත් සහය ලබා ඉන්දියාව අගමැතිවරයා හමුවේ සහතික වෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඊයේ (22) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී තිබෙනවා.

මෙම සාකච්ඡාවේ දී දෙරට අතර ආර්ථික සබඳතා සහ සහයෝගිතාව ඉහළ නංවා ගැනීම පිලිබඳවත් යෝජිත ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කිරීමේ ක්‍රම හා විධි පිළිබඳවත් අවධානයට යොමු ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

එහි දී වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් පුළුල් කරමින් ඉන්දියාව ලබා දුන් සහායට අග්‍රාමාත්‍යවරයා ස්තූතිය පළ කළා.

එමෙන්ම සහන ද්‍රව්‍ය ආහාර හා ඖෂධ ලබා දෙමින් දැක්වූ සහයෝගය ද ඉතා අගය කොට සලකන බව ද අග්‍රමාත්‍යවරයා පවසා තිබෙනවා.

Share This