
ශකීබ් අල් හසන් ගැන බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලයෙන් විමර්ශන
බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් කී‍්‍රඩක ශකීබ් අල් හසන් මෑතකදී පල කළ සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ශකීබ් සිය ඉන්ස්ටර්ග‍්‍රෑම් සහ ට්විටර් ගිණුම් තුළින් ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවියක් වන බෙට්විනර් නිව්ස් ප‍්‍රවර්ධනය වන ආකාරයේ පෝස්ටුවක් පළ කර තිබූ අතර එම වෙබ් අඩවිය ඔහුට අනුග‍්‍රාහකත්වය ලබා දීමට සූදානම් වීම ඊට හේතුව බවටයි අනාවරණය වී ඇත්තේ.
කෙසේ වෙතත් බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හුසේන් ප‍්‍රකාශ කලේ මෙම ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවියේ අනුග‍්‍රාහකත්වය ලබා ගැනීම සඳහා ශකීබ් අල් හසන් අවසර ඉල්ලා නොමැති බවයි.
එලෙස අවසර ඉල්ලුවද ඒ සඳහා බංග්ලාදේශ නීතියෙන් ඉඩක් එයට හිමි නොවනු ඇති බව ප‍්‍රකාශ කළ එරට කි‍්‍රකට් පාලක මණ්ඩල ප‍්‍රධානියා වැඩිදුරටත් කියා සිටියේ සමාජ මාධ්‍ය සටහනක් මත අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමට නොහැකි බැවින් ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කළ බවයි.