ශකිබ් විනය විරෝධී ලෙස හැසිරුණු බවට චෝදනා

ශකිබ් විනය විරෝධී ලෙස හැසිරුණු බවට චෝදනා

බංග්ලාද්ශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් ඩකා ප්‍රිමියර් ලීග් 20යි 20 තරගාවලියේ විනය විරෝධී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වි තිබෙනවා.

ඩකා හි ෂරී බංග්ලා ක්‍රීඩාංගනයේ පැවැති තරගයක් අතර තුරදී ප්‍රතිවාදී කණ්ඩාමේ මුෂ්ෆිකර් රහීම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් දවා ගැනීම සදහා විනිසුරුගෙන් ඉල්ලීමක් සිදු කළා.

ඔහු නොදැවුණු පිතිකරුවෙකු ලෙස විනිසුරු නම් කිරීමත් සමග දැඩි කෝපයට පත් ශකිබ් අල් හසාන් පන්දු යවන්නාගේ අන්තයේ ඇති කඩුල්ලට දැඩි ආවේගයෙන් පා පහරක් එල්ල කර එය බිද දමා තිබෙනවා.

වර්ෂාව හේතුවෙන් විනිසුරුවන් විසින් තරගය අත්හිටුවීමට කටයුතු කිරීමත් සමග කෝපයට පත් වූ ශකිබ්, කඩුල්ලක ඉනි තුනම ගලවා විසි කළ අතර, අනතුරුව විනිසුරු සමග ද උණුසුම් වචන හුවමාරුවක නිරත වු බව සදහන්.

Share This