
වෝටර් රාෆ්ටින් ක්‍රීඩාවේ ගැටළු පිළිබඳ රජයේ අවදානය
බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වයිට් වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව ආශ්‍රිතව මතුව ඇති ගැටළු සොයා බැලීම සදහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත්කර තිබෙනවා.
ඒ අදාළ ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවට ලැබුණු පැමිණිලි පදනම් කර ගනිමින්.
මෙම කමිටුවට ජනාධිපති ලේකම්වරයා උපදෙස් ලබා දුන්නේ වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව ආශ්‍රිතව ඉදිරිපත්ව ඇති ගැටළු පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසයි.