
වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට
2022 වසරේ මාර්තු මාසයෙන් පසු පළමුවරට මෙරට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කලේ ඇඟලුම් අපනයන ආදායම පසුගිය ඔක්තෝබර් මාසයේ පහළ යෑම මීට ප‍්‍රධාන හේතුව වී ඇති බවයි.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,192 ක් ලෙස සඳහන්ව තිබූ අතර එම ආදායම මෙම වසරේ ඔක්තෝබර් මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 1,051ක් ලෙස පහත වැටුණා.