වෘත්තීය සමිති 26ක් හෙට වර්ජනයකට සුදානම්

වෘත්තීය සමිති 26ක් හෙට වර්ජනයකට සුදානම්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 26ක් හෙට දිනයේ වැඩ වර්ජනයක නිරත නිරත වීමට සැලසුම් කර තිබෙනවා.


කොරෝනා මර්දන කටයුතුවලදී පහසුකමක් වන මුව ආවරණ, අත් ආවරණ මෙන්ම අඛණ්ඩව සේවයේ නිරතවන සේවකයන් සඳහා ආහාර වැනි ඉල්ලීම් මුල්කර ගනිමිනුයි ඔවුන් මෙම වර්ජනයට එක්වීමට සැලසුම් කර ඇත්තේ.


හෙට උදෑසන 7 සිට මධ්‍යහන දොළහ වන තුරු මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවීමට ඔවුන් සුදානම් වනවා.


කෙසේ වෙතත් කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර සිදුකරන රෝහල් සහ ළමා රෝහල් 15ක් මෙම වෘත්තීය සමිති අරගලයට එක් නොවන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති කියා සිටියේ.


රජයේ විකිරණ හා විද්‍යා තාක්ෂණවේදී සංගමය, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය මෙන්ම රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 26ක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වීමට කැමැත්ත පල කර තිබෙනවා.


මේ අතර තම නිලධාරීන්ට කොරෝනා මර්දන එන්නත්කරණය සිදු නොකරන්නේ නම් වහාම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව වනජීවී නිලධාරීන් අවධාරණය කරනවා .

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා මේ බව සඳහන් කළා.

Share This