වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ක්ෂේත‍්‍ර රැසක දෛනික කටයුතුවලට බාධා

වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ක්ෂේත‍්‍ර රැසක දෛනික කටයුතුවලට බාධා

වෛද්‍ය, වරාය, විදුලි, ජල, දුම්රිය, තැපැල්, බැංකු ඇතුළු ක්ෂේත‍්‍ර රැසක වෘත්තීය සමිති අද දීප ව්‍යාප්තව ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විට ක්‍රියාත්මක වනවා.

ඔවුන් මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට ප‍්‍රධාන වශයෙන් හේතු වූයේ රජය විසින් ක්‍රියාත්මක නව බදු සංශෝධන විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.

මේ හේතුවෙන් දිවයිනේ සෑම රජයේ රෝහලකම වැඩ වර්ජනය ක්‍රියාත්මක වනවා.

ඒ සදහා වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන්, රසායනාගාර සේවකයින් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් මෙන්ම රෝහල් කණිෂ්ඨ සේවකයින්ද එක්ව සිටිනවා.

මේ හේතුවෙන් අද දිනයේ සායනික කටයුතු සදහා පැමිණි රෝගීන් දැඩි අපහසුතාවන්ට පත් වුණා.

එමෙන්ම දිවයිනේ සියලූ පාසල්වල අද දිනයේ වර්ජනය ක්‍රියාත්මක බව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති ප‍්‍රකාශ කළා.

විදුලි ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෘත්තී සමිතිද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටිනවා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒකාබද්ධ විදුලි වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා.

මේ අතර සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදා හැරීම සදහා මේ වන විට ලීටර් 66 දහසක ධාරිතාවයෙන් යුත් බවුසර් 3000 ක් පමණ සූදානම් කර ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති එම්.යූ මොහොමඩ් මහතා සදහන් කළා.

ඔහු කියා සිටියේ මෙම බවුසර් මගින් ඩීසල් සහ පෙට‍්‍රල් තොග බෙදාහැරීමට නියමිත බවයි.


Share This