
වෘත්තීයවේදීන් අන්තර්වාර විසඳුමක් ඉල්ලයි
ජනාධිපති ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවේදී සුබවාදී ප‍්‍රතිචාරයක් ලැබුණු බව වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
ඒ අනුව ඉදිරියේදී ලබාදෙන ස්ථිර විසඳුමක් සඳහා ගතවන කාලසීමාවට පෙර අන්තර්වාර විසඳුමක් අවශ්‍ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයන් එක්ව සිටියා.
එහිදී දෙපාර්ශ්වයේ යෝජනා සම්බන්ධයෙන් කරුණු හුවමාරු කරගෙන තිබූ අතර, වෘත්තිකයන් එහිදී රජයේ නව බදු ප‍්‍රතිපත්තිය හේතුවෙන් ඔවුන් මුහුණපාන අපහසුතා සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කර තිබෙනවා.
කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව ආරම්භ කර ඇති වෘත්තීය ක‍්‍රියාමාර්ගය තවදුරටත් ක‍්‍රියාත්මක අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක්ද ඊයේ ආරම්භ කළා.