වී අස්වනු  ඉහළ නැංවීමට නව වැඩපිළිවෙලක් .

වී අස්වනු ඉහළ නැංවීමට නව වැඩපිළිවෙලක් .

හෙක්ටයාරයකින් ලබාගන්නා වී අස්වැන්න ඉහළ නැංවීම සදහා ගුණාත්මක බීජ වී ගොවි ජනතාව වෙත ලබා දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

එකම බිජ වර්ගය නැවත නැවතත් භාවිත කිරීම හේතුවෙන් ලැබෙන අස්වැන්න ක්‍රමාණුකූලව අඩු වන බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි උසස් බීජ වී ගොවි ජනතාව වෙත ලබා දීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තම අමාත්‍යාංශය යටතේ පවතින ගොවිපොළවල බීජ වී නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

Share This