වීරකැටියේ වෙඩි තැබීමක්

වීරකැටියේ වෙඩි තැබීමක්

වීරකැටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.

ඥාතීන් පිරිසක් අතර ඇතිවූ ආරාවුලක් අතරතුරදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ ගජනායකගම ප්‍රදේශයේ පදිංචි වී සිටි දරුවෙක්

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් සිද්ධියට අදාළව තවත් සැකකරුවන් තිදෙදෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ.

මේ අතර පොල්ගහවෙල සහ අකුරැස්ස ප්‍රදේශවලදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා

Share This