විස්සයි විස්ස තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට.

විස්සයි විස්ස තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට.

තරග තුනකින් සමන්විත තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති අවසන් විස්සයි විස්ස තරඟයේ ජයත් තමන් සතු කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 20 නිමා කිරීමට සිදුවුණේ කඩුළු 8ක් දැවී ලකුණු 120ක් රැස් කරමින්.

ජයග්‍රාහී ලකුණු 121ක ඉලක්කය පන්දුවාර 14යි පන්දු 4කදී කිසිවෙකු නොදැවී සපුරාගත් දකුණු අප්‍රිකානුවන් තරගය සටනකින් තොරවම ජයග්‍රහණය කළා.

2019 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ජගත් පන්දුවාර 20 තරග 29කට මුහුණ දී තිබෙන අතර ඉන් තරග 7ක් පමණක් ජය ගනිද්දී තරග 20කම පරාජය වී තිබෙනවා.

Share This