විවාහක පිරිමියෙක් හෝ ගැහැනියක් ගැන ආදරයක් ඇති වුනොත් කළ යුතු දේවල් 5 ක්.

විවාහක පිරිමියෙක් හෝ ගැහැනියක් ගැන ආදරයක් ඇති වුනොත් කළ යුතු දේවල් 5 ක්.

ආදරය ඕනෑම අවස්ථාවක ඕනෑම කෙනෙක්ගේ හිතේ ඕනම වේලාවක ඇතිවෙන්න පුළුවන් දෙයක්.

නමුත් විවාහක පිරිමියෙක් හෝ ගැහැනියක් ගැන ආදරයක් ඇති වුනොත් අනෙක් අය ඔබට එය වැරදි බව කොපමන කිවුවත් සමහර විට ඔබ එයට එකග නොවෙන්නට පුළුවන්.

නමුත් මේ ප්‍රශ්නෙට විසදුමක් විදියට කරන්න පුළුවන් දේවල් 5ක් ගැන ඔබ දැන සිටියද.

1.බිරිදක් හෝ සැමියෙක් ලෙස සිතන්න
ඔබේ සැමියා හෝ බිරිද ඔබට රහසින් ඔබව තනිකර වෙනත් කාන්තාවක් හෝ පිරිමියෙක් සමග සබදතාවයක් පවත්වාගෙන ගියොත් ඔබට උදාවෙන තත්ත්වය ගැන හිතන්න. ඔබට එය දරාගන්න පුලුවන්ද කියලා හිතන්න.

2.ඔබේ වටිනාකම පිළිබඳ සිතන්න

නිතරම ඔබ වටිනාකමක් තිබෙන කෙනෙකු යැයි සිතන්න. එවිට ඔබට ගැලපෙන සහකරුවෙක් හෝ සහකාරියක් සොයාගන්න අපහසු වන්නේ නැහැ.
ඒ නිසා ඔබේ ජීවිතයට ලැබිය යුතු වටිනාකම ලබාදෙන්න.

3.යථාර්තය පිළිගන්න
බොහෝ විවාහක පිරිමින් හෝ කාන්තාවන් වෙනත් අයෙකු සමග සබදතා ඇතිකර ගත්තත් ඔවුන් තමන්ගේ දරුවන් අත්හැර විවාහ වෙන්න කිසිම දවසක සිතන්නේ නැහැ. ඔවුන් නිතරම උත්සාහ කරන්නේ දෙදෙනාත් සමගම සබදතා පවත්වමින් ප්‍රශ්නයක් ඇති නොවෙන්න කටයුතු කරන්නයි. මේ නිසා ඔබට අවශ්‍ය මේ ආකාරයේ ජීවිතයක්ද කියලා හොදින් සිතා බලන්න.

4.ඔබට ඔහුව හෝ ඇයව විශ්වාස කළ හැකිද යන්න ගැන සිතා බලන්න

ඔහු හෝ ඇය එක්වරක් ලබාගත් නිදහස නැවතත් ලබා ගැනීමට උත්සාහ කරනවා නේද?
ඔහු හෝ ඇය නැවතත් ඔහුගේ කලින් බිරිද හෝ සැමියා වෙත යාමට ඇති ඉඩකඩ වැඩියි නේද? කියන කාරණාවන් ගැන සිතා බලන්න.

5.අත්දැකීම් වලින් ඉගෙන ගන්න

හැම කෙනෙක් අතින්ම වැරදි සිදුවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඔබ අතිනුත් මේ සිදු වුනේ වැරද්දක්. නමුත් ඔබ ඒ ගැන තවදුරටත් පසුතැවිලි වෙන්න එපා. ඔබ කළයුත්තේ ඔබේ වැරැද්ද හදාගෙන ඔබ ජීවිතේ ඉදිරියට ගෙන යාමයි.

හැබැයි ආදරය තියෙන්න ඕන ආදරය තිබිය යුතු තැන.
මොකද ආදරය යනු ආදරයයි
.

TAGS
Share This