විලියම්සන්ට එංගලන්තය සමග දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වේ

විලියම්සන්ට එංගලන්තය සමග දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වේ

නවසීලන්ත නායක කේන් විලියම්සන්ට එංගලන්තය සමග අද බර්මින්හැම් හිදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වී තිබෙනවා.
ඒ, ඔහුගේ වැලමිටෙහි ඇතිව තිබෙන ආබාධය හේතුවෙන්.
ඔහු වෙනුවට ටොම් ලේතම් නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ටොම් ලේතම් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායම මෙහෙයවන තෙවැනි අවස්ථාව මෙයයි.
කෙසේ වෙතත්, ජූනි 18 වනදා සවුත්හැම්ටන්හී දී ඉන්දියාවට එරෙහිව ආරම්භ වන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව කේන් විලියම්සන්ට හිමි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

Share This