විරෝධතා මැඩ පැවැත්වීමට පසුබට නොවන බව මියන්මාර් හමුදා පාලනය කියයි

විරෝධතා මැඩ පැවැත්වීමට පසුබට නොවන බව මියන්මාර් හමුදා පාලනය කියයි

තම පාලනයට එරෙහිව පැන නගින විරෝධතා මැඩ පැවැත්වීමට පසුබට නොවන බව මියන්මාර හමුදා නායක ජෙනරාල් මින් අවුන්ග් හ්ලෙන්ග් පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියන්මාරයේ වාර්ෂික හමුදා පෙළපාලියට එක්වෙමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළ බවයි.

2021 වසරේ කුමන්ත‍්‍රණයක් මගින් මියන්මාර පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසු එරට හමුදාවට විරුද්ධව රටපුරා උද්ඝෝෂණ පැවැත්වෙනවා.

එහිදී උද්ඝෝෂකයින් හා හමුදාව අතර හටගත් ගැටුම්වලින් සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මියගොස් ඇති අතර තවත් මිලියනයකට අධික සංඛ්‍යාවක් අවතැන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This