විපක්ෂය දේශපාලන පක්ෂ අද මැතිවරණ කොමිසමට

විපක්ෂය දේශපාලන පක්ෂ අද මැතිවරණ කොමිසමට

ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා සිටීම සදහා විපක්ෂයට සම්බන්ධ දේශපාලන පක්ෂ ප‍්‍රධානීන් කිහිප දෙනෙකු අද පෙරවරුවේ මැතිවරණ කොමිසමට පැමිණ තිබුණා.

මේ එම සාකච්ඡව අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතා.

ජාතික ජනබලවේගය නියෝජනය කරමින් සාකච්ඡුාවට එක්ව සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතායි.

ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂය වෙනුවෙන් එහි නියෝජිත මඩකලපුව දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කි්‍යන් රාසමානික්කම් මහතා එක්ව සිටියා.

එසේම මැතිවරණ කොමිසම සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් අතර තවත් සාකච්ඡුාවක් අද රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

ඊට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රජයේ මුද්‍රණාලයාධිපති ගංගානී ලියනගේ මහත්මිය කියා සිටියේ මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය සියලූ සහයෝගය ලබාදීමට කටයුතු කරන බවයි.

පවතින තත්ත්වය හමුවේ මැතිවරණය සදහා මුදල් ලබා දෙනවාද නැද්ද යන්න ජනාධිපතිවරයා පැහැදිළි ප‍්‍රකාශයක් රටට සිදු කළ යුතු බව පැෆරල් සංවිධානය පෙන්වා දෙනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙම අදහස් පල කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

Share This